තමන් අත ඇති කැමරාවකින් ලබා ගන්නා , තමන් පමණක් හෝ තමන් සමග අන් අය හෝ පෙනී සිටින ඡායාරූ- පයක් (Self-ortuit) සෙල්ෆි (Selfie) ෆොටෝ එකක් ලෙස හඳුන්වයි. අද තිබෙන, අන්තර්ජාලය හා සම්බන්ධ සමාජ සම්බන්ධතාවලට මුල් තැන දෙන සංස්කෘතික වට පිටාවේ (webculture) වේගයෙන්ම ජනප්‍රියවූ සහ වේගයෙන්ම පැතිර ගිය උන්මාදය මෙවැනි සෙල්ෆි ෆොටෝ ගෙන ඒවා සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කිරිමයි. එය කෙතරම් ජනකාන්ත පුරුද්දක් වී තිබේදැයි කිවහොත් , දැන් ලෝකයා ලොව පුරා දිනකදි ලබා ගන්නා සෙල්ෆි ෆොටෝ ගණන කෝටි 5305. සාමාන්‍යය ලෙස ගත් විට අයෙක් අවුරුද්දකට පැය 54 ක් සෙල්ෆි ගැනීම වෙනුවෙන් වැය කරයි.
ලොව ඕනෑම රටකදී සැමරිය හැකි ජාතික සෙල්ෆි දිනය, සැම අවුරුද්දකම ජුනි 21 වැනිදායි. (bit.ly/WP-JUNE-P8)
මුහුණ බලන කණ්ණාඩියකින් පෙනෙන රූපය, කැමරාවකින් ඡායාරූපගත කළත් එයද සෙල්ෆි ඡායාරූපයකි. මේ කුමන තාලයකට හෝ අද ලොව පුරා තැන් තැන්වලදී දිනකදී ලබා ගන්නා සෙල්ෆි ඡායාරූප ගණන කෝටි 530ක් හෙවත් බිලියන 5.3කි. එය ලොව පුරා දිනකදී ලබා ගන්නා මුළු ඡායාරූප ගණනින් 4%කි, සාමාන්‍ය අයෙක් අවුරුද්දකට පැය 54ක් පමණ සෙල්ෆි ගැනීම වෙනුවෙන් වැය කරයි. එනම් දිනකට මිනිත්තු 07 කි. තරුණ තරුණියන් අතරින් 82% ක් පමන නිතරම සෙල්ෆි ගනිති. මුලු ජීවිත කාලය තුල එක් අයෙක් සෙල්ෆි 27,000 ක් පමණ ලබා ගනී.
මෙසේ තමන් විසින්ම ලබාගත් ඡායාරූප ෂෙයා කිරීම, අන් අය සමඟ රංචු ගැසීමට මිනිසා තුළ සහජයෙන්ම ඇති කැමැත්ත නව සමාජය තුළදී පෙන්වන්නක් බව සයිකොලොජි ඔෆ් දි ඉන්ටනෙට් (The Psychology of the Inteet) නමින් පොතක් ලියූ පැට්‍රිසියා වැලස් පවසන්නීය. (bit.Iy/WP-JUNE-P8+03) ලයිව් සයන්ස් නම් වෙබ් අඩවියට ඇය කියා තිබුණේ, ‘මිනිසාගේ සහජ ගතියට උල්පන්දම් දෙන තාක්ශණික යෙදුම් ගණනාවක් අපූරුවට ගැලපී තිබෙන නිසා සෙල්ෆි උන්මාදනීය වී තිබෙනවා’ කියාය.
නූතන සෙල්ෆි ඡායාරූප සම්ප්‍රදායේ ආරම්භය ලෙස සැලකෙන්නේ 2001 සැප්තැම්බරයේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමක් විසින් තමන්ගේ චායාරූප අප්ලෝඩ් කල හැකි වෙබ් අඩවියක් සැකසීමත් සමගය. මෙසේ අප්ලෝඩ් කරන චායාරූප සෙල්ෆි වශයෙන් නම් කරන ලද්දේ ‘නේතන් හෝප් නම් ඕස්ට්‍රේලියානු ජතිකයාය ( 2002 සැප්තැම්බර් 13 වනදාය ).
✍️ A G T SHEHAN …
📧 info@ehelper.lk 🌐 www.ehelper.lk

