ehelper.lk – රහස්‍යතා ප්‍රතිපත්තිය (Privacy Policy)

අවසන් යාවත්කාලීන කිරීම: 2026 අගෝස්තු 8

At ehelper.lk, we prioritize your privacy. This policy explains how we collect, use, and protect your personal data across our services.

ehelper.lk වන අපි, අපගේ පාරිභෝගිකයින්ගේ සහ පරිශීලකයින්ගේ පුද්ගලික තොරතුරුවල පෞද්ගලිකත්වය සහ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට සම්පූර්ණයෙන්ම බැඳී සිටිමු. මෙම රහස්‍යතා ප්‍රතිපත්තිය මගින් ඔබ අපගේ වෙබ් අඩවිය (ehelper.lk) භාවිතා කරන විට හෝ සේවාවන් ලබා ගන්නා විට, අපි ඔබේ තොරතුරු රැස් කරන, භාවිතා කරන සහ ආරක්ෂා කරන ආකාරය පැහැදිලි කරයි.

1. අප එකතු කරන තොරතුරු (Information We Collect)

ඔබ සේවාවන් සඳහා යොමුවන හෝ අදාළ පෝරම (Forms) පුරවන අවස්ථාවලදී පමණක් පහත තොරතුරු රැස් කරගනු ලැබේ:

  • පුද්ගලික තොරතුරු: නම, දුරකථන අංකය, ඊමේල් ලිපිනය, ලිපිනය, සමාජ මාධ්‍ය සබැඳි සහ අවශ්‍යතාවය අනුව හැඳුනුම්පතෙහි/ලේඛනවල ඡායාරූප.
  • ව්‍යාපාරික/සේවා තොරතුරු: ව්‍යාපාර නාමය, ලියාපදිංචි සහතික හෝ සේවාවට අදාළ අවශ්‍ය ලේඛන.

2. තොරතුරු භාවිතය (How We Use Your Information)

අපි එකතු කරගන්නා තොරතුරු පහත සඳහන් කාර්යයන් සඳහා භාවිතා කරනු ලැබේ:

  • ඔබට හෝ ඔබගේ ආයතනයට අවශ්‍ය සේවාවන් කාර්යක්ෂමව ලබාදීම සඳහා.
  • අපගේ සේවාවන් හා සබැඳි තොරතුරු, යාවත්කාලීන කිරීම් හෝ පාරිභෝගික සහාය (Customer Support) ලබාදීම සඳහා.
  • ගෙවීම් තහවුරු කිරීම් හෝ ගිණුම් කළමනාකරණය සඳහා.

3. තොරතුරු හුවමාරුව (Information Sharing & Disclosure)

  • ඔබේ පූර්ව අවසරයකින් තොරව ඔබේ කිසිදු තොරතුරක් තෙවන පාර්ශවයන්ට විකිණීමක්, කුලියට දීමක් හෝ වෙළඳාම් කිරීමක් සිදු නොකෙරේ.
  • සේවාව සැපයීමට අත්‍යවශ්‍ය වන විශ්වාසනීය සේවා සපයන්නන් (e.g., Domain/Payment providers, Verification Services) සමඟ පමණක් අදාළ සීමාවන්ට යටත්ව බෙදාගැනේ.
  • ශ්‍රී ලංකාවේ පවතින නීතිමය අවශ්‍යතාවයකදී හෝ නීතිමය බලධාරීන්ගේ ඉල්ලීමකට අනුව පමණක් අනාවරණය කළ හැක.

4. දත්ත ආරක්ෂාව (Data Security)

ඔබගේ දත්ත සහ ලේඛන (ID / Business Documents ආදිය) ආරක්ෂිතව තබා ගන්නා අතර, අදාළ සේවාව ලබා දී නිම වූ පසුව හෝ අවශ්‍යතාවය අවසන් වූ පසු ආරක්ෂිතව මකා දමනු ලැබේ / සුරක්ෂිතව ගබඩා කරනු ලැබේ.

5. ප්‍රතිපත්තියේ වෙනස්කම් (Changes to This Policy)

මෙම රහස්‍යතා ප්‍රතිපත්තිය අවශ්‍යතාවය පරිදි ඕනෑම වේලාවක යාවත්කාලීන කිරීමේ අයිතිය ehelper.lk සතු වේ. "අවසන් යාවත්කාලීන කළ දිනය" මෙම පිටුවේ ඉහළින්ම දැක්වෙනු ඇත.

අපව සම්බන්ධ කරගැනීමට (Contact Us)

මෙම රහස්‍යතා ප්‍රතිපත්තිය පිළිබඳව ඔබට යම් ප්‍රශ්නයක් හෝ ඉල්ලීමක් තිබේ නම් පහත තොරතුරු ඔස්සේ අපව සම්බන්ධ කරගත හැක:

Buy on Envato