කොන්දේසි සහ රෙගුලාසි (Terms and Conditions)

අවසන් යාවත්කාලීන කිරීම: 2026 ජනවාරි 25

Ehelper.lk වෙත සාදරයෙන් පිළිගනිමු. අපගේ වෙබ් අඩවිය (https://ehelper.lk) භාවිතා කිරීම සහ අපගේ සේවා ලබා ගැනීම මගින්, ඔබ පහත දැක්වෙන නියාමනයන් සහ කොන්දේසි වලට එකඟ වීම සිදුවේ.

1. වෙබ් අඩවිය භාවිතය සඳහා සුදුසුකම්

  • ඔබට වයස අවුරුදු 18ක් වීමට අඩුම වශයෙන් තිබිය යුතුය.
  • ඔබගේ ගිණුමේ මුරපද සහ ගිණුම් තොරතුරු රහසිගතව තබා ගැනීම ඔබගේ වගකීම වේ.
  • ඔබගේ නිවැරදි සහ යාවත්කාලීන තොරතුරු සපයන්න.

2. වෙබ් අඩවි නිර්මාණ සේවා

2.1 වගකීම් සහතිකය:

  • අප වෙතින් ලබාගන්නා ඕනෑම වෙබ් අඩවියකට වසර 1ක වගකීම් කාලයක් හිමිවේ.
  • වසරකින් පසු, ඔබ අප සමග නැවත නවීකරණය (Renewal) කරමින් සිටී නම්, ඔබට දිගටම වගකීම් සහතිකය හිමිවේ.
  • අප සමග සම්බන්ධතාවය නවතා දැමූ පසු වගකීම් සහතිකය අහෝසි වේ.
  • අප විසින් නිර්මාණය කරනු ලබන සෑම වෙබ් අඩවියකම Footer කොටසෙහි "Design by Ehelper.lk" යන Attribution/Copyright සටහන ඇතුළත් කරනු ලැබේ. එම සටහන ඉවත් කිරීමට අවශ්‍ය නම්, ඒ සඳහා Ehelper.lk විසින් සපයනු ලබන Web Hosting සේවාවෙන් ඉවත් වීම අනිවාර්ය වේ. තවද, Ehelper.lk කණ්ඩායමට පෙර දැනුම්දීමක් නොමැතිව "Design by Ehelper.lk" Attribution එක ඉවත් කිරීම, වෙනස් කිරීම, හෝ වෙනත් Copyright/Attribution එකක් යෙදීම සිදු කරන්නේ නම්, ඔබගේ Website එක, Hosting එක සහ අප විසින් සපයනු ලබන අනෙකුත් සියලුම සේවා කිසිදු පෙර දැනුම්දීමකින් තොරව Suspend කිරීමේ අයිතිය Ehelper.lk සතු බව මෙයින් දන්වා සිටිමු.

2.2 වෙනත් Hosting භාවිතය:

ඔබ වෙනත් Hosting සපයන්නෙකු භාවිතා කරන්නේ නම්, අපගේ වගකීම් වලින් ඔබ ඉවත් වේ.

2.3 සහාය (Support):

  • වෙබ් අඩවිය ලබාගත් දිනයේ සිට වසර 1ක් තුළ අපගේ Free Support හිමිවේ.
  • ඔබ අප සමග ඉදිරියටත් සිටී නම්, Support දිගටම හිමිවනු ඇත.
  • Support ලබාදෙන වේලාවන්: උදේ 8.00 සිට රාත්‍රී 10.00 දක්වා.
  • Support ලබාගැනීම සඳහා: WhatsApp, Call, Email.

3. ගෙවීම් සහ ආපසු මුදල්

3.1 මූලික ගෙවීම:

පැකේජයන් සඳහා මුලදී 40%ක මුදලක් ගෙවිය යුතුය.

3.2 අවසන් ගෙවීම:

  • නිම කිරීමෙන් පසු, ඉතිරි මුදල දින 3ක් ඇතුළත ගෙවිය යුතුය.
  • ගෙවීම නොකළහොත්, සේවාව තාවකාලිකව අක්‍රිය කරන අතර, දින 30ක් ඇතුළත ගෙවීමක් සිදු නොවූයේ නම්, සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම සිදු වේ.
  • ඔබ දැනටමත් Hosting/Domain වෙනත් සේවාවකින් ගන්නේ නම්, අපගේ පැකේජ් මිල අඩු නොවේ (නොමිලේ ලබා දෙන නිසා).

3.3 ආපසු මුදල් (Refund):

ඔබ විසින් ගෙවූ මුදල්, කිසිදු හේතුවකට පසුව ආපසු නොදෙයි. වැඩි විස්තර සඳහා, අපගේ Refund Policy පිටුව බලන්න.

3.4 පාරිභෝගිකයාගේ ප්‍රමාදයන් මත ව්‍යාපෘති අවසන් කිරීම (Client Delays & Cancellation):

  • Ehelper.lk කණ්ඩායම විසින් වෙබ් අඩවියේ සංවර්ධන කටයුතු (Development Phase) සියල්ල 100% ක් සම්පූර්ණ කිරීමෙන් පසුව, පාරිභෝගිකයා විසින් ලබා දිය යුතු පින්තූර, අන්තර්ගතයන් (Content) හෝ වෙනත් තොරතුරු ලබා දීමට ප්‍රමාද කරන්නේ නම්, එකඟ වූ අවසන් දිනයේදී (Deadline) ව්‍යාපෘතිය සම්පූර්ණ කළ සේ සලකා තාවකාලික තොරතුරු (Dummy Content) යොදා අදාළ අවසන් බිල්පත (Final Invoice) නිකුත් කරනු ලැබේ.
  • එම අවසන් බිල්පත නිකුත් කර දින 3ක් ඇතුළත අදාළ ඉතිරි මුදල පියවීම අනිවාර්ය වේ.
  • මුදල් පියවීමෙන් පසු, පාරිභෝගිකයාගේ තොරතුරු ලැබුණු ඕනෑම අවස්ථාවක කිසිදු අමතර අය කිරීමකින් තොරව ඒවා වෙබ් අඩවියට ඇතුළත් කර දීමට අප කටයුතු කරනු ඇත.
  • අවසන් බිල්පත නිකුත් කර දින 3ක් ඇතුළත ඉතිරි මුදල ගෙවීමට අපොහොසත් වුවහොත්, ව්‍යාපෘතිය මුළුමනින්ම අවලංගු (100% Cancel) කරනු ලබන අතර අපගේ සේවාවලින් (Servers) එය ස්ථීරවම ඉවත් කරනු ලැබේ.
  • එවැනි අවස්ථාවකදී, පාරිභෝගිකයා විසින් එතෙක් ගෙවා ඇති මූලික මුදල (Advance Payment) කිසිදු තත්ත්වයක් යටතේ ආපසු ලබා දෙනු නොලැබේ (Non-refundable).
  • ව්‍යාපෘතිය මෙලෙස අවලංගු වූ පසු, අප විසින් ඒ සඳහා දරා ඇති ශ්‍රමය සහ පිරිවැය හේතුවෙන්, ඒ දක්වා නිර්මාණය කළ වෙබ් අඩවියේ කිසිදු අනුපිටපතක් (Backups), ලිපිගොනු (Files) හෝ දත්ත (Data) පාරිභෝගිකයා වෙත ලබා නොදෙනු ඇත.
  • අප විසින් පාරිභෝගිකයා වෙනුවෙන් මිලදී ගත් ඩොමේන් නාමයක් (Domain Name) තිබේ නම්, එය පාරිභෝගිකයාගේ වෙනත් ගිණුමකට මාරු කර දීමට (Domain Transfer) කටයුතු කෙරේ. කෙසේ වෙතත්, අදාළ සේවාදායකයා (Domain Provider) විසින් එම මාරු කිරීම සඳහා යම් ගාස්තුවක් අය කරන්නේ නම්, එම සම්පූර්ණ ගාස්තුව පාරිභෝගිකයා විසින්ම දැරිය යුතුය.

4. Hosting සහ Domain පිළිබඳ

Hosting, Domain සහ Login තොරතුරු ඔබ වෙත ලබා දෙන අතර, ඒවා ආරක්ෂා කිරීම ඔබගේ වගකීමයි.

5. නීතිවිරෝධී අන්තර්ගතය

Null Plugins, Null Themes, Adult Content, Warez, Pirated Software වැනි අන්තර්ගතය Upload කිරීම තහනම් වේ. එවැනි ක්‍රියාවක් වාර්තා වුවහොත්, Hosting අවලංගු කිරීමට අපට අයිතියක් ඇත.

6. නියාමනයන් වල වෙනස්කම්

මෙම කොන්දේසි ඕනෑම අවස්ථාවක යාවත්කාලීන කළ හැක. නවතම යාවත්කාලීන දිනය මෙම පිටුවේ දැක්වෙනු ඇත.

අපව සම්බන්ධ කරගැනීම (Contact Us)

මෙම කොන්දේසි සහ රෙගුලාසි පිළිබඳව වැඩිදුර තොරතුරු ලබා ගැනීමට අපව සම්බන්ධ කරගන්න:

Buy on Envato